Dragons
හායි ඔන්න මම ආවා තවත් ආර්ටිකල් එකක් අරන් . ඔන්න ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ඔයාල හැමෝම දන්න ස්ත්වයෙක් ගැන.ඒ තමයි මකරා 🐉 .
සාමාන්‍යයෙන් භයානක සත්ව කොට්ටාශයක් ලෙස සැලකෙන මෙයාල ආසියානු හා මධ්‍යකාලීන යුරෝපයේ ජනප්‍රවාද වලත් නිතරම සදහන් වෙනවා. ඒ වගේම මෙයාලා භයානකම සත්ත්ව කොට්ඨාශයක් කියලා තමයි මායාලෝකෙදි සැලකෙන්නේ.
මෙයාලගේ ඇස් වල සහ ඇගේ පාට වගේ දේවල් නම් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවනෙ.ඉතිං මම පොදුවේ මකරුන් ගෙ සාමාන්‍ය ලක්ශන කියන්නම්.
මකරුන් ප්‍රමාණයෙන් විශාල සත්ව කොට්ටාශයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මෙයාල මුඛයෙන් ගිනි පිටකරණ සත්ව කොට්ඨාසයක්.🔥මෙයලගෙ නාස් පුඩු හා මුඛය හරහා ගිනි විදීමට හැකියාවක් මෙයලට තියෙනවා. ඒ වගේම මෙයාලට යෝධ පියාපත් තියෙනවා.
සාමාන්‍යයෙන් ඉතින් මකරු බිත්තර වලින් තමයි ඉපදෙන්නේ.මෙයලගෙ අම්ම,ඒ කියන්නේ මකර ගැහැනු සතා බිත්තර උනුසුම්ව තියාගන්න 🔥 ගින්දර පවිච්චි කරනවා.මේයාල ඉපදුනහම මෙයලගෙ පලවැනි පාරට හුස්ම හනිද්දී අලු පාට දුමක් පිටවෙනවා.
මායාලෝකෙදි විශේෂ දෙයක් තමයි මෙයලගෙ හෘදය පාවිච්චි කරනවා වොන්ඩ් වල කෝර් එකක් විදිහට. ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මේ කොර් එක ගැන.
(වොන්ඩ් කෝර් ගැන ව්ස්තර දැනගන්න අසයිනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න
https://m.facebook.com/groups/419435445298690?view=permalink&id=738761060032792)
ඉතින් මෙයාල කොච්චර භයානක උනත් එයලව පුහුණු කරන අයත් ඉන්නවා. එයලව හදුන්වන්නෙ ඩ්‍රැගන් කීපර්ස්ලා කියල .ඩ්‍රැගනොලොජිස්ට් කියල කියන්නෙත් එයාලටම තමයි . එහෙම කෙනෙක් තමයි රොන්ගේ අයියා චාලි. ඔයාලට මතක ඇතිනෙ එහෙම හතරවෙනි කතාවේ ට්‍රව්සාර්ඩ් තරගය සදහා එයාලා එහෙම පුහුණු කරපු මකරුන් භාව්තා කරා.
ඒවගෙම තමයි මෙයලගෙ බිත්තර විකුණන කට්ටියත් ඉන්නවා. මේක හැබැයි නීති විරෝධී වැඩක්. මෙයාලට කියන්නේ ඩ්‍රැගන් ඩීලර් කියල
ඉතින් මෙයලගෙ සමාජීය හැසිරීම ගැන නම් ගොඩක් කරුණු දන්නෙ නෑ.කොහොම උනත් චෛනීස් ෆයර්බෝල් කියන මකරුන්ගෙනම් ගෑනු සතා පිරිමි සතාට වඩා ටිකක් ලොකුයි .ඒහින්දා එයාල තමයි ආදිපත්‍යය පතුරන්නේ එයාලගේ වර්ගයේ අය අතර.මෙයාල පිරිමි සත්තු උන්ගේ භූමියෙන් එලවනවලු ,ඒ උනාට ගැගැනු ස්ත්තු කිහිප දෙනෙක් එක්ක භූමිය බෙදාගන්නවා කියල තමයි සදහන් වෙන්නේ.
🐉ඉතින් මෙයලගෙ ඉතිහාසය ගැන කියනවානම් 1666 ල්න්ඩනයේ මහා ගින්න ආරම්භ කරල තියෙන්නේ ග්‍රීන් වේල්ස් මකරෙකු විසින් පුඩ්ලින් පටුමගේ ගෙදරකට ගිනි තියල තමයි .
🐉1709 වෝල් රෝක් සම්මුතිය මගින් තමයි මකර අභිජනනය තහනම් කරේ.
🐉වේල්ස් ග්‍රීන් මකරෙකු 1932 දී මුහුදු වෙරලකට ඇවිත් මගල්ස් ලට පහර් දීලා තිබුනා.මුහුදු වෙරළේ දී ලොකු කටුස්සෙක් පහරදුන්න කියල කියන ඩාර්ක් ට හැර අනික් අයට ඒ ගැන මතක නෑ
🐉1799 යුක්‍රේනියානු යකඩ බෙලි මකරෙකු මගල් නැවක් අරගෙන ගිහින් .හැබැයි එකේ මිනිස්සු ඉදල නෑ වෙලාවට.
🐉1992 දී නොර්වීජියන් රිජ්බැක් මකර බිත්තරයක් හැග්‍රිට් ට් හම්බවෙනවා.මතක ඇතිනේ.පොත කියවපු අය නම් දන්නවා නෝර්බ්ට් රොන්ගෙ කකුලත් හපනවා.😁😁😁
ඉතින් මගේ ආර්ටිකල් එක අදට ඉවරයි .මකරුන්ගෙ වර්ගෙ අනුව තියෙන විශේෂ ලක්ෂණ මම තව ආර්ටිකල් එකකින් ගේන්නම්.මම හෆල්පෆ් එකෙන් රොබින් .😁😁😁😁😁😁😁😁😁😁.
Comments
Post a Comment