Norwegian ridgeback

 


හායි ඔන්න  කට්ටිය මන් අවා හොග්වර්ට්ස්  වල අපේ මායාකාරයන්ටයි මයාකාරියන්ටයි කලින්  කිවුව විදියටම මකර විශෙශයක් ගැන  තොරතුරු අරගෙන .🐉 ඒ නොර්වීජියන් රිජ්බැක්  කියන මකර වර්ගෙ ගැන තමයි .මෙයලගෙ  විස්තර නම් ටිකයි තියෙන්නේ .

ඉතින්  ඔයාල මගේ මකරු ගැන  ලියපු පලවෙනි  ආර්ටිකල් එක බැලුවෙ නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒක කියන්න පුළුවන්  ඔයාලට
https://m.facebook.com/groups/419435445298690/permalink/791150058127225/?sfnsn=mo

නොර්වීජියන් රිජ්බැක් කියන්නෙ නොර්වේ වලට ආවේණික මකරෙක් තමයි .මේයා සාමාන්‍යයෙන්  ඉන්නෙ උතුරු  කදු තමයි. ඒක හන්ගේරියන් හෝන්ටෙයිල් කියන මකරට ටිකක්  සමාන ගතිගුණයක් කියල  තමයි  කියන්නෙ

මෙයලගෙ  හමේ පාට  නම් කලු පාටයි.ඉතින් මෙයින් එක්කෙනෙක් දවසක් නෝර්වේ මුහුදෙන්  තල්මස් පැටියෙක්  උස්සන් ගියා  කියල සදහන්  වෙනවා.

ඔයාලට මතක  ඇතිනෙ හැග්‍රිඩ් ට 1991, ඒ කිව්වෙ හැරීගෙ හොග්වර්ට්ස්  පලවෙනි  අවුරුද්දෙ අදුරන්නේ නැති කෙනෙක් මකර බිත්තරයක් දුන්නෙ.අන්න ඒක මෙයින් එක්කෙනෙක්ගෙ බිත්තරයක් තමයි .

පස්සෙ මතක  ඇතිනෙ හැග්‍රිඩ් මේ පැටියට නොර්බට් කියල  නමකුත් දාගෙන් ඇති  කරන්න හැදුවේ .අන්තිමේ මෙයාව රොන් ගෙ අයියා චාලි වීස්ලි ඇවිත් එයාව අරගෙන ගියා මතක ඇති .

කොහොම උනත් මෙයා ගැහැනු මකරෙකු කියල මෙයාගෙ නම නොර්බෙටා කියල නම වෙනස් කරා.එයා හැබැයි ටිකක් වසයි.මතකද රොන්ව හපනවා 😁😁😁

මෙයලගෙ බිත්තර නම් කලු පාටයි .මෙයාලට මාස1ඉදන් මාස  3ක් විතර යනකම්  මෙයලගෙ ගිනි පිබීමේ හැකියාව වර්දනය කරගන්නවාලු.ගැහැනු රිජ්බැක් ල පිරිමි අයට වඩා ටිකක්  දරුනුයිලු.ඒක හින්දා වෙන්නැති නොර්බෙටා රොන්ව හපන්නෙ.

මෙයලගෙ ගතිගුණ අතිනුත් හන්ගේරියන් හෝන්ටෙයිල් ට සමනකම් තියෙනවා කියල සදහන් .මෙයලගෙ ආහාර  වෙන්නෙ ලොකු ජලජ ක්ශීරපයින් ඇතුළු ක්ශීපායින්  තමයි .

එහෙනම්  අදට මගේ ආර්ටිකල් එක ඉවරයි .තවත් මකර වර්ගයක් ගැන තොරතුරු අරගෙන මමඑන්නම්.කට්ටිය එතකන් පරිස්සමෙන් ඉන්න .

Comments

Popular posts from this blog

Voldemorts daughter (Delphi Riddle)

Chinese fireball

Common welsh green