Dementors
හායි හැමොටම .මගෙ දෙවැනි ආර්ටිකල් එක.වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න .
අද මම කියන්න යන්නෙ අපි හමෝම දන්න හැරී පෝටර් ෆිල්ම්ස් වල සහ පොත් වල අපට නිතරම හම්බුවෙන මායා සත්වයෙක්ගැන. ඉතින් මම කියන්න යන්නෙ ඩිමෙන්ටර්ස්ල එහෙමත් නැත්නම් භුතාරක්ශකයො ගැන 😁😁😁😁😁😀
ඇත්තටම කිව්වොත් මෙයත් ඩාර්ක් ක්රීචර් කෙනෙක් තමයි . මෙයාලගෙ කොන්ඩෙයි ,ඇස් වල පාට ගැන නම් විශේෂ දෙයක් සදහන් වෙලා නෑ.හැබැයි මෙයලගෙ හමෙ පාට නම් ස්කැබී කියන අලු පාට තමයි .සාමාන්‍යයෙන් මෙයලා ටිකක් ලොකුයි.සාමාන්‍යයෙන් ඩිමෙන්ටර්ස්ල මීටර් තුනක් විතර උසයි. ඒවගෙම මෙයල අදුරු ලෝගුවක් වගෙ එකකින් වැහිල හිටියා .
මෙයල සාමාන්‍යයෙන් පොලවට උඩින් තමයි යන්නේ .එ හින්දා මෙයාලට මිනිස්සුන්ව අල්ලගන්න ලේසියි .මෙයාලම තමයි ඇස්කබාන් වල ආරක්ශකයො විඩිහට දාලා තියෙන්නේත්.ඉතින් මෙයලා එකේ ඉන්න සිරකරුවන් ගෙ සතුටු මතක උරාගන්නවා.මෙයාලට ජීවිතය ගෙනියන්න ,ඒ කියන්නෙ පෝෂණය වෙන්නේ මිනිස්සුන්ගෙ සතුටු මතක උරාගෙන.එතකොට ඒ අයගේ තියෙන අදුරු මතක ගොඩක් ඉදිරියට එනව .
ඩිමෙන්ටර් කිස් එක ගැන ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෑ නෑනෙ.මෙකට අහුවෙන කෙනගෙ ආත්මය විනාශ වෙනව .එතකොට එයාල ට ජීවත් වෙන්න වෙන්නෙ ආත්මයක් නැතුව හිස් ශරීරයක තමයි .
කොහොම නමුත් ඕනෑම බයානක සතෙක් හැදින්වීමට ඩිමෙන්ටර් යන නම යොදාගන්නවා.මේක ලතින් වචනයක් .මේකෙ තේරුම නම් උමතු කියන එක තමයි .
ඩිමෙන්ටර්ස්ල අපිට මුලින්ම ඩකින්න ලැබෙන්නේ හැරී පෝටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් ෆිල්ම් එකෙදිනෙ.මතකද ඩිමෙන්ටර්ස්ල නිකන් අමුතු දෙයක් කරනවා .හැරී ගෙ මූනෙන් නිකන් මොනවා හරි ඇදීල යනෝ වගෙ පේනවානේ.ඩිමෙන්ටර්ස්ල වැඩි ගනනකට අහුවෙන්න වෙන්න මිනිස්සුන් ට වෙන හානිය වැඩී.
මෙයල ඉන්න පරිසරය ගොඩක් වෙලාවට අදුරු ගතියක් ගන්නවා.ඒ වගෙම ඩිමෙන්ටර්ස්ල එද්දි වට පිටාව සීතල වෙනව මතක ඇති ෆිල්ම් ටික බලපු අයටනම්. රොන් හැරී පෝටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් ෆිල්ම් එකෙදි හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් එකට ඩිමෙන්ටර් කෙනෙක් අපු වෙලාවෙ කියනවා මතකද එයාට අයෙමත් සතුටක් නැතිවෙයි කියල හිතුණා කියල .ජේ කේ රෝව්ලින් මේ පොත් ලියන දවස් වල එයාට තිබ්බ මානසික පීඩනය පෙන්නලා තියෙනවා කියලත් සදහන් වෙනව.
හැරී රීමස් ගෙන් ඩිමෙන්ටර්ස්ල ගැන ඇහුවහම එයා කියපු දේවල් තමයි මේ 👇👇👇👇👇👇
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
REMUS LUPIN'S DESCRIPTION OF DEMENTORS
Dementors are among the foulest creatures that walk this earth. They infest the darkest, filthiest places, they glory in decay and despair, they drain peace, hope, and happiness out of the air around them... Get too near a Dementor and every good feeling, every happy memory will be sucked out of you. If it can, the Dementor will feed on you long enough to reduce you to something like itself... soulless and evil. You will be left with nothing but the worst experiences of your l
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️👆👆👆👆👆👆
ඒ කියන්නෙ ඩිමෙන්ටර්ස්ල පෘතුවියේ ඉන්න අදුරු ස්ත්ත්ව කොට්ටාශයක් කියල .මෙයල ඉන්නෙ අදුරු ස්තාන වල තමයි .මෙයල මිනිස්සුන් ගෙ සතුට,ආලෝකය වගේ දේවල් උරාගන්නවා කියල .එතකොට එයාල ට ජීවත් වෙන්න වෙන්නෙ ආත්මයක් නැතුව වගෙ හරියට .
මේ ඩිමෙන්ටර්ස්ලව පේන්නේ විසාර්ඩ් ලට විතරයි .මගල් ලටයි,ස්ක්විබ් ලටයි පේන්නේ නෑ.හැබැයි එයාලට දැනෙනවා ඩිමෙන්ටර්ස්ල ලග ඉන්නවනම්. ඩිමෙන්ටර්ස්ල බෝවෙන්නෙත් හරි අමුතු විදියට.එයාල නිර්මාණය උනේ කොහොමද කියන්න කෞරුත් හරියට දන්නෙ නෑ.එයාල එයාලගේ වර්ගය වැඩි කරගන්නවා හැබැයි මොනයම් හෝ ක්රරමයකට.හරියට ක්ලෝන කොපීස් හදනවා වගේ කියලයි මට නම් හිතෙන්නේ
මෙයලගෙ ඉතිහාසය ගැන බැලුවොත් මෙයලට ඉස්සර ඉදලම සම්බන්ධ එක ස්තානයක් තියෙනවා .ඒ තමයි අපි හැමෝම දන්න ඇස්කබාන් හිරගෙදර .මෙයල මුලින්ම හොයාගෙන තියෙන්නේ 15වැනි ශතවර්ෂයේ තමයි . මෙයල හිටපු උතුරු මුහුදේ තිබ්බ දූපත කිසිම මගල් සිතියම කවත් ,විසාර්ඩ් ලගෙ සිතියම කවත් මාර්ක් වෙලා තිබිල නෑ.මෙකේ තමයි ඩිමෙන්ටර්ස්ල හිටියේ .එයාල මෙක එකම එක විසාර්ඩ් කෙනෙක් එක්ක විතරක් බෙදගත්ත.ඒ තමයි එක්රිස්ඩිස් කියන ඩාර්ක් විසාර්ඩ් .
එයා පුරුදු වෙලා හිටියා මුහුදේ එන නැවියන්ව මේ දූපතට ගෙන්නගෙන එයාල පස්සෙන් ඩිමෙන්ටර්ස්ලව යවල එයාල ට වදදෙන්න.කොහොම හරි මිනිස්ට්ර් එකෙන් මේ දූපත හොයාගෙන තියෙනවා .කට්ටිය කතා කරල අන්තිමේ දී මේ ඇස්කබාන් හිරගෙදර නොකඩා ඉන්න තිරනය කරල තියෙනවා .මොකද ඩිමෙන්ටර්ස්ල මුලු විසාර්ඩින්ග් වර්ල්ඩ් එකට පව තර්ජනයක් වෙන්න පුළුවන් නිසා.
1718දී ඩිමොක්ලස් රවුල් මිනිස්ටර් ඔෆ් මැජික් උනාම තමයි ඇස්කබාන් හිරගෙදරක් කරල ඩිමෙන්ටර්ස්ල මේකෙ ආරක්ශකයො කරල තියෙන්නේ .මෙයල ගෙන් බේරෙන්න පුළුවන් එකම විදිහ තමයි පෙට්‍රොනස් චාර්ම් එක. ඒක කරන එක නම් ලේසි වැඩක් නෙවෙයි කියල ඔයාල හැමොම දන්නවා නේ.කොහොම හරි පස්සෙ ඩිමෙන්ටර්ස්ලව මිනිස්ට්ර් එකෙ නවත්තගන්නවා.මතකද ආම්බ්රිජ් ගෙ ඔෆිස් එකේ ඩිමෙන්ටර්ස්ල ඉන්නවා.පස්සෙඩිමෙන්ටර්ස්ල වොල්ඩමොර්ට් ගෙ ඩෙත් ඊටර්ස් ල එක්කත් එකතු වෙනව .
මගෙ ආර්ටිකල් එක ඉවරයි එහෙනම් ඊළඟ අර්ටිකල් එකත් එක්ක හම්බුවෙමු.මේක ලියන්න උදවු කරපු හැමොටම ස්තුතියි.
Comments
Post a Comment